Friday, September 11, 2026
HomeNEWSවියට්නාමයේ බෝට්ටු අනතුරෙන් 34 දෙනකු මරුට.. පැය ගණනාවකට පසු දරුවෙකු බේරා ගැනේ

වියට්නාමයේ බෝට්ටු අනතුරෙන් 34 දෙනකු මරුට.. පැය ගණනාවකට පසු දරුවෙකු බේරා ගැනේ

වියට්නාමයේ සංචාරක බෝට්ටුව පෙරළී සිදු වූ අනතුරින් අතුරුදන්ව සිටි පිරිමි දරුවෙකු පැය ගණනකට පසුව නිරුපද්‍රිතව බේරා ගැනීමට එරට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ.මෙම දරුවා බෝට්ටුවෙහි air pocket එකක් තුළ සිරවී සිට ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ඔහුව මුදා ගෙන රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.අද (20) උදෑසන සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.එමෙන්ම තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තවමත් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී ඇති අතර අනතුර සිදුව ඇත්තේ එරට උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහිය.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවර සිට පැමිණි පිරිස් බවද සඳහන් වේ.එරට ගලවා ගැනීමේ කණ්ඩායම් පැවසුවේ අනතුරින් අතුරුදන්වුවන් සෙවීමට අධික වර්ෂාව බාධාවක් වී ඇති බවය.අනතුරට පත්වන අවස්ථාව වන විට මෙම බෝට්ටුව තුළ පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img