Thursday, September 24, 2026
HomeNEWSශ්‍රී ලංකා -එංගලන්ත ක්‍රිකට් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (20)සිට

ශ්‍රී ලංකා -එංගලන්ත ක්‍රිකට් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (20)සිට

ප්‍රවේශපත් කවුළු අඟහරුවාදා සිට විවෘතයි.එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් ලබාගත හැකි කවුළු අඟහරුවාදා (20) විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය මේ මස 22 වැනි දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙපිල අතර විස්සයි 20 තරග තුනකින් සමන්විත තරගාවලිය මේ මස තිස් වැනිදා සිට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූලස්ථානයේ පිහිටි ප්‍රවේශපත් කවුළුව දිනපතාම පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතී. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුව තරග පැවැත්වෙන දිනවල පමණක් පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතී.කෙසේ වෙතත් ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www. Srilankacricket.lk වෙත පිවිසීමෙන් ප්‍රවේශවත් ලබාගත හැකියි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img