Thursday, September 10, 2026
HomeNEWSහෙට පැවැත්වෙන හර්තාලය දේශපාලන කුමන්ත්‍රණයක්- කැබිනට් ප්‍රකාශක

හෙට පැවැත්වෙන හර්තාලය දේශපාලන කුමන්ත්‍රණයක්- කැබිනට් ප්‍රකාශක

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින්, ඔවුන් අතර කැලඹීමක් ඇති කරමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.හෙට දිනයේ උතුරු නැගෙනහිරි ප්‍රදේශවල හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, එම බොරු ප්‍රචාරයන්ට නොරැවටී සාමකාමීව කටයුතු කරන්නැයි එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසීය.අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.රට පුරා තිබෙන හමුදා කඳවුරු ප්‍රතිශ්ඡඨාපනය කිරීමේ වැඩපිළිවෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වූ බවත් , ඒ අනුව මුලතිව් ඔඩ්ඩුසාන් ප්‍රදේශයේ මුත්තයාන්කට්ටු, ශීවනගර්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති කඳවුර ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩපිළි‍වෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වී තිබේ.මෙම හමුදා කඳවුර තුළට අනවසර පුද්ගලයෙන් 05 දෙනෙක් ඇතුල් වී ඇති බවත්, එම පිරිස පළවා හැරීමට හමුදාව කටයුතු කර ඇති අතර , මෙම පුද්ලයින් පලවාහැරීමේදී ඉන් එක් අයෙක් මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ ගිලී මියගොස් තිබේදියේ ගිලී මිය ගිය පුද්ගලයාට යම් පහරදීමක් සම්බන්ධයෙන් යම් යම් පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී ඇති බවත්, ඒ අනුව එක් සෙබළෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුව තවත් සෙබළුන් 02ක් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.හමුදාව විසින් සිවිල් පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි කියමින් මෙම සිදුවීමේ කරුණු විකෘති කරමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් වාසි ලබා ගැනීමට උත්සාහ කර න බව අමා.ත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img