Wednesday, September 23, 2026
HomeNEWSහෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි.

කෙසේ වෙතත්, මෙම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට නම්, වන්දි ගෙවීම්, සම්බාධක ඉවත් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික තර්ජන නැවැත්වීම ඇතුළු කොන්දේසි අමෙරිකාව සපුරාලිය යුතු බව ඉරානය නැවතත් අවධාරණය කර සිටී.

පසුගිය පෙබරවාරි අගදී අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය මෙම මුහුදු මාර්ගය වසා දැමීය.

ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි ප්‍රකාශ කළේ ඕමානය සමඟ ඇති කරගන්නා ගිවිසුම මගින් නව නාවික මාර්ග තීරණය වන නමුත්, අමෙරිකාව තම ඉල්ලීම් ඉටු කරන තෙක් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවය.

අමෙරිකාව ජූනි මාසයේ ඇති කරගත් අතුරු ගිවිසුම කඩකර ඇති බැවින් සෘජු සාකච්ඡා නොපවත්වන බවත්, මැදිහත්කරුවන් හරහා පමණක් පණිවිඩ හුවමාරු වන බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ තමන් ඉරානය සමඟ දැඩිව මැදිහත් නොවී, ඔවුන්ගේ ආර්ථික පීඩනය දෙස බලා සිටින බවය.

ඉරානයේ කොන්දේසි-

ඇමෙරිකානු ප්‍රහාරවලින් සිදු වූ හානියට වන්දි ගෙවීම.

ඉරානයට එරෙහි තර්ජන සහ ඉරාන හිතවාදී පාර්ශ්වයන්ට (ලෙබනනය, පලස්තීනය, යේමනය, ඉරාකය) එල්ල කරන ප්‍රහාර නැවැත්වීම.

පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු නාවික වැටලීම් නැවැත්වීම, සම්බාධක ඉවත් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන දේපළ නිදහස් කිරීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි 2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු...

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img