Monday, August 31, 2026
HomeNEWSඅත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙකු මියයයි

අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙකු මියයයි

අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙකු මියයයි

මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයකට යටවීමෙන් සිදුවූ අනතුරකින් බිළිදෙකු මියගොස් තිබේ.‍

එම අත් ට්‍රැක්ටරයේ පිටුපස මවක් සහ ඇගේ දරුවා ගමන්කර ඇති අතර මහදිවුල්වැව වැව් බැම්ම මතින් ගමන් කිරීමේදී ට්‍රැක්ටරය එකවරම පිටුපසට යෑමෙන් මව අතින් ගිලිහිණු දරුවා බිමට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එහිදී ට්‍රැක්ටරයට යටවීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා යක්කල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මාස 09 ක් වයසැති නාමල්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් අත් ට්‍රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img