Thursday, October 29, 2026
HomeNEWSඅදාල නිකායෙන් නොකරන ලෙස දන්වන තුරු බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට එන විට...

අදාල නිකායෙන් නොකරන ලෙස දන්වන තුරු බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට එන විට චීවරය පැළඳීමට පූර්ණ අවසර- අධිකරණ ඇමති

.

බන්ධනාගාර ආඥා පනත යටතේ ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව භාරදෙයි.

                                                                                                                           අධිකරණ ඇමති පවසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව භාරදීම සම්බන්ධයෙන් අද (14) අධිකරණ අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා ………………………

“පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරන අවස්ථාවේදී ඇතිවුණු තත්ත්වයන් සම්බන්ධයෙන් 2024/10/8 දින ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා සමග ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවට මමත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මැතිතුමාත් සම්බන්ධ වුණා. එහිදී සාකච්ඡා වූ කරුණු අනුව බන්ධනාගාර ආඥා පනත, එහි පනවා ඇති නිත්‍ය නියෝග, රෙගුලාසි සම්බන්ධයෙන් ඒවා යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවට තීරණය වුණා. ඒ අනුව ජනාධිපතිතුමා විසින් බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති, රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටුවේ සභාපති ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා මහතා පත් කරනු ලැබුවා. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, පියුමන්ති පීරිස් මහත්මිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, වසන්ත ආරියරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා, බන්ධනාගාර කොමසාරිස්, ඒ. සී. ගජනායක මහතා සාකච්ඡාවලට සම්බන්ධ වුණා. එම සාකච්ඡාවේදී ගරු ජනාධිපතිතුමා විසින් සති දෙකක් ඇතුළත ගැටලුව විසඳීමට පියවර ගන්නා බවට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පොරොන්දු වූණා. ඒ අනුව කමිටුව විසින් අතුරු වාර්තාවක් මේ වන විට ගරු ජනාධිපතිතුමා වෙත භාර දී තිබෙනවා. එහි පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන් මා වෙත ලැබි තිබෙනවා. එම වාර්තාවේ නිර්දේශ අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කොට 356(අ) යනුවෙන් කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයකුත් යෝජනා කොට තිබෙනවා. ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇඳ සිටි ස්වකීය සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට දින 10ක් ලබාදී තියෙනවා. එමෙන්ම යම් හෙයකින් වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරකරුවෙක් වුවහොත් මේ ප්‍රතිපාදන අදාළ ලෙස වෙනස් කරගනිමින් එයට අදාළ කරගත යුතු වෙනවා. එමෙන්ම නිත්‍ය නියෝග 550ට අලුතෙන් කොටසක් එකතු වී සංශෝධනයක් එනවා. ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙක් ලෙස බන්ධනාගාරයෙන් බැහැර කරන අවස්ථාව වඩාත් පැහැදිලි කරනවා, නම් ස්වාමීන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් එළියට යම් කරුණකට වැඩම කරනවා නම් එවන් අවස්ථාවකදී චීවරය පැළඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබා දෙනවා. අයත් පාර්ශ්වයෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම්දීමක් ලැබෙන තුරු ඒ අයිතිය තිබෙනවා. මෙම කරුණු දෙක මේ සංශෝධනයේ මූලික හරයයි.

මේ වන විට මා විසින් ඒ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවක් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත යවා තිබෙනවා. ඒ අනුව දැනට බලාත්මක එම නිත්‍ය නියෝග සංශෝධනය කොට මෙහි නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස මා ඔහුට උපදෙස් ලබාදී තියෙනවා.

-මාධ්‍ය ඒකකය-
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img