Sunday, November 8, 2026
HomeNEWSඅද විදුලි කප්පාදුව පැය 5කට සීමාවෙයි

අද විදුලි කප්පාදුව පැය 5කට සීමාවෙයි

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යෝජනා පහක් ඉදිරිපත් කර තිබේ.

අද දිනයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදුකළ යුතු බවට මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසම පැය 5ක විදුලි කප්පාදුවක් සඳහා පමණක් අවසර ලබාදෙමින් විදුලි කප්පාදුව අවම කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට යෝජනා 5ක් ද ඉදිරිපත් කර තිබේ.

එම නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්නේ නම් දිනකට විදුලි කප්පාදුව පැය 5ක් දක්වා අවම කළ හැකි බව ද එම කොමිසම පවසයි.

ඒ අනුව අද දිනයේ උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය 03යි විනාඩි 30ක කාලයක් සහ සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයයි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

මේ අතර අද දිනයේදී තවත් ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දියානු ණය ආධාර යටතේ මෙම නෞකාව දිවයිනට පැමිණෙන අතර එහි ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගබඩා කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඉන්දියානු ණය ආධාර යටතේ තවත් ඩීසල් නෞකාවක් හෙට දිනයේ ද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img