හෙට (17) සිට දිවයිනේ සියලු පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පසුගියදා රටතුළ පැවති නොසන්සුන්කාරී තතත්වයන් හමුවේ ඇඳිරිනීතීය පැනවීම තුළින් පාසල් කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වුණි.
අවස්ථා කිහිපයකදීම ඇඳිරිනීතිය පැනවීම තුළින් පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි වූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවිල මහත්මිය පැවසුවාය.
කෙසේවුවත් හෙට උදෑසන 05ට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන අතර පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.






















