Thursday, September 24, 2026
HomeNEWSඅධිවේගයේ නොසැලකිළිමත්ව ගමන් කළ තරුණයින් සොයා පරීක්ෂණ - රියදුරු පොලීසියට භාරවේ

අධිවේගයේ නොසැලකිළිමත්ව ගමන් කළ තරුණයින් සොයා පරීක්ෂණ – රියදුරු පොලීසියට භාරවේ

අධිවේගයේ නොසැලකිළිමත්ව ගමන් කළ තරුණයින් සොයා පරීක්ෂණ – රියදුරු පොලීසියට භාරවේ

පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක පැති කවුළු මත තරුණයන් සිව් දෙනෙක් ඉඳගෙන සිටියදී ධාවනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රථයේ රියැදුරු පොලිස් නාගරික රථවාහන ස්ථානයට භාරවී තිබේ.

ඉන්පසුව ඔහු සහ එම රථයේ මුල් හිමිකරුව ගැලනිගම අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සිද්ධියට අදාළ මෝටර් රථයේ මුල් හිමිකරු, එය ඔහුගෙන් මිලදී ගත් පුද්ගලයා, අධිවේගී මාර්ගයේ මෝටර් රථය පැදවූ රියදුරු සහ එහි ගමන් කළ තරුණයින්ට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

ඔවුන්ගෙන් මෝටර් රථයේ මුල් හිමිකරු, රියදුරු සහ එය දෙවෙනියට මිලදීගත් පුද්ගලයාගේ පුත්‍රයා පමණක් පොලීසිය ට පැමිණ මෙලෙස ඉදිරිපත් ව තිබේ.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත අතර මෝටර් රථයේ ගමන් කළ තරුණයින් පොලීසිය වෙත ඉදිරිපත් වී නොමැත.

එමෙන්ම ඔවුන් මහනුවර ප්‍රදේශයේ පුද්ගලයින් බවත් අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථය නිසි පැවරීමකින් තොරව තවත් පාර්ශවක් වෙත අලෙවිකිරීමට මුල් හිමිකරු පියවර ගෙන ඇති බවය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් ධාවනය කිරීම සහ එය නිසි පැවරීමකින් තොරව වෙනත් පාර්ශවයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ සිදුවීම පසුගිය 10වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ දී සිදු වී ඇති අතර එම මෝටර් රථයට පිටුපසින් ගමන් කළ වෙනත් රථයක සිටි පුද්ගලයෙක් එම සිදුවීම වීඩියෝගත කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img