Wednesday, October 28, 2026
HomeNEWSඅන්තර්ජාලය හරහා ළමුන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවක්

අන්තර්ජාලය හරහා ළමුන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවක්

අන්තර්ජාලය හරහා ළමුන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තාක්ෂණික වශයෙන් දියුණු වර්තමාන සමාජය තුළ පාසල් දරුවන් බහුලව සමාජ මාධ්‍ය භාවිත කළද, ඇතැම් අවස්ථාවලදී ඒවායේ පවතින අවදානම් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයකින් තොරව කටයුතු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදුවන බවත්, ඒ හේතුවෙන් පාසල් යන වයසේ පසුවන දරුවන් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම පාසල් නොයන දරුවන් විවිධ අපරාධ සඳහා මෙන්ම මත්ද්‍රව්‍ය ජාලවල සැපයුම් කටයුතු සඳහා ද යොදා ගැනීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

එම දරුවන් අපරාධ සඳහා යොදා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමුව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, පසුගිය කාලසීමාව තුළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි සහ තොරතුරු විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඔහු පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙසේද පැවසීය.

“විශේෂයෙන්ම තාක්ෂණික වශයෙන් දියුණු වර්තමාන සමාජයේ සමාජ මාධ්‍ය බහුලව භාවිත කරන පාසල් දරුවන් ඇතැම් අවස්ථාවලදී ඒවා භාවිත කරන්නේ ප්‍රමාණවත් අවබෝධයකින් තොරවයි. අද වන විට අන්තර්ජාලය හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ රැසක් සිදුවෙනවා. විශේෂයෙන්ම පාසල් වයසේ දරුවන් මේ අපරාධකරුවන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. පාසල් නොයන දරුවන් ද විවිධ අපරාධ සඳහා යොදා ගැනීමට අපරාධකරුවන් ඉලක්ක කරනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාලවල සැපයුම් කටයුතු සඳහා යොදා ගැනීමට ඉලක්ක කරන පිරිසක් බවට පාසල් නොයන දරුවන් පත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමුව තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි සහ තොරතුරු විශාල ප්‍රමාණයක් වාර්තා වුණා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img