Sunday, November 22, 2026
HomeNEWSඅනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු ලැබුවේ අප මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජන සටනයි. අපට ශක්තියක් වූ ඔබ සැමට ආචාර කරමි. මගේ ජනතාවට ස්තුතියි.

අනුරාධපුර රාජධානියේ කතාව අපට සිහිපත් කරන්නේ මහා ශිෂ්ටාචාරයක කතාවයි. ආක්‍රමණ, ප්‍රතිරෝධ, පාවාදීම් මෙන්ම බිඳවැටීම් තුළින් යළි නැගී සිටීමේ කතාවයි. එම අතීත කතාව වර්තමානයට ද අදාළ යැයි මට සිතේ. මේ රටේ සෑම පුරවැසියෙකුට ම තමන් උපන් බිම පිළිබඳ ආදරයක් තිබිය යුතු ය. අපේකම යන හැඟීම තිබිය යුතු ය. රටක් ලෙස ගත්විට රටක බාහිර හතුරාට වඩා ඇතුළත ඉන්න හතුරා භයානක බව මාගේ විශ්වාසයයි. තමන්ගේ රට පුද්ගලික වාසියට පාවා දෙන්නා භයානකයි. පාවාදීම සාධාරණීකරණය කරමින් අසත්‍ය සමාජගත කරන්නා අතිශය භයානකයි.

ඔබ සැමගේ සහයෝගයෙන් සහ ශක්තියෙන් මම අපගේ මව්බිම සුරක්ෂිත කර ගොඩනැගුවෙමි. අපේ ජනතාව සතුටින් ආරක්ෂිතව ජීවත්වන යුගයක් නැවත ගොඩනැඟීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අරමුණ බව ප්‍රකාශ කරමි. අතීතයේ මෙන් අපගේ සංස්කෘතිය, අනන්‍යතාවය සහ දේශීයත්වය රැක ගනිමින් සංවර්ධිත දේශයක් ගොඩනැගීමට ඔබ සැමට ආරාධනා කරමි.

මෙම කටයුතු මැනවින් සංවිධානය කළ සැමට මාගේ ප්‍රණාමය පුද කරමි. වැඩමවා වදාළ මහා සංඝරත්නයට සහ අන්‍යාගමිනක පූජක උතුමන්ට නමස්කාර පූර්වකව ස්තුති වන්ත වෙමි. පැරණි දේශපාලන සගයන්ට සහ නව බලාපොරොත්තු රැගෙන පැමිණි නවක දේශපාලන තරුණ පිරිසට මම හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරමි. විශේෂයෙන්ම අනුරාධපුර නගරට පැමිණි අප හිතවත්, මාතෘ භූමියට ආදරය කරන ඔබ සැමට ස්තුති වන්ත වෙමි. පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් තුළ වුවත්, පීඩාවන් ඉවසමින් ඔබ සැම එහි රැඳී සිටි අයුරු මම දුටුවෙමි. ඔබ සැම බොහෝ අපහසු අවස්ථාවන් රැසක් දරා ගත් බව දනිමි. රජරට ජනතාවට ස්තුතියි. සැමදා අපට ශක්තියක් වූ ශ්‍රි ලාංකික ඔබ සැමට ස්තුතියි. දුෂ්කරම අවස්ථාවන්හිදී පවා ඔබ ලබා දෙන ජනාදරයට ස්තුතියි.

ඔබ සැමට සුබ අනාගතයක්. ජය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...

චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ – අධිකරණ ඇමති

සෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශන විද්‍යාත්මකව සහ අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ – අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි යාපනය, සෙම්මනි සමූහ මිනීවළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img