ආර්ථික ප්රතිපත්ති හා සැලසුම් ක්රියාත්මක කිරීමේ අමාත්යංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර තිබේ.
මීට පෙර රාජ්ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධුරයේ ද අනූෂ පැල්පිට මහතා කටයුතු කර ඇත.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ධුරයට පත්කෙරුණි.
කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට එම ධූරයෙන් විශ්රාමයෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට මීට පෙර ලිපියක් යොමුකර තිබුණි.
අනතුරුව ඔහුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද පසුගිය දා පත්කළේය.






















