Wednesday, November 11, 2026
HomeNEWSඅමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහි නඩුව - ඔස්ට්‍රේලියානු ජාතිකයින් තිදෙනෙක්ට සිතාසි

අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහි නඩුව – ඔස්ට්‍රේලියානු ජාතිකයින් තිදෙනෙක්ට සිතාසි

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිදීම සඳහා ඔස්ට්‍රේලියානු ජාතිකයින් තුන් දෙනෙක් වෙත සිතාසි නිකුත්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි අමාත්‍ය ගම්මන්පිලට චෝදනා එල්ල වී තිබේ. 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ යොහාන් අබේවික්‍රම මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම සිතාසි නිකුත් කර තිබුණි.

නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර ඇති ඔස්ට්‍රේලියානු ජාතිකයින් තුන් දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගැනීම අවශ්‍ය වී ඇති බවත් ඒ අනුව ඔවුන්ට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත්කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව යළි සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමට නියෝග කළේය.

1997 වසරේ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගී කරගෙන විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img