Thursday, November 12, 2026
HomeNEWSඅමෙරිකානු තානාපතිනිය නිකුත් කළ පණිවුඩය

අමෙරිකානු තානාපතිනිය නිකුත් කළ පණිවුඩය

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර එකඟ නොවන අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විවෘත සන්නිවේදනයෙන් කටයුතු කළයුතු බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසන්නීය. 

ඒ තුළින් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා යහපත් දිශාවකට යොමුකර පවත්වාගෙන යාහැකි බව ඇය පෙන්වා දෙයි.

සේවා කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට පෙර සමුගැනීමේ පණිවුඩයක් තබමින් තානාපතිවරිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලෙයිනා.බී.ටෙප්ලිට්ස්,

“තානාපතිවරියක් ලෙස මෙරට සේවය කිරීමට ලැබීම මට ලැබුණු ගෞරවයක්. ගතවූ වසර 20ක කාලය තුළදී එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර ප්‍රමාණය ඩොලර් බිලියනයක් ඉක්මවනවා. අප විසින් දෙරට අතර සහයෝගයෙන් වැඩ කිරීමට හැකි නව අංශයන් හඳුනාගැනීම තවදුරටත් සිදුකරනු ලබනවා.”

“අභියෝගාත්මක කාලයන්හිදී වගේම කොවිඩ් -19 වෛරසයට එරෙහි සටනේදී අප ත්‍යාගශීලි හවුල්කරුවෙකු ලෙස එක්ව වැඩකටයුතු කරනු ලැබුවා. එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 18ක ආධාර සැපයීම හා එන්නත් මාත්‍රා මිලියන 2.4ක ප්‍රමාණයක් නොමිලේ ලබාදෙනු ලැබුවා.”

“අප අතර පොදු අරමුණු හා අයෝජනයන් තිබුණද ඇතැම් විට එකඟ නොවන අවස්ථාද තිබුණා. නමුත් රාජ්‍යතාන්ත්‍රිකභාවයේ මූලික අර්ථයක් වන ඕනෑම අභියෝගයක් හමුවේ එකිනෙකා සමග අදහස් හුවමාරුකරගෙන කටයුතු කළ යුතුයි.”

“අප අතර එකඟ නොවන අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විවෘත සන්නිවේදනයෙන් අපගේ ද්විපාර්ශ්වීය සබඳතා යහපත් දිශාවකට යොමුකර පවත්වාගෙන යා යුතුයි.”

“ප්‍රජාතන්ත්‍රවාදී දේශයන් ලෙස දෙරට අතර හවුල්කාරීත්වය අනාගතයට පැතිර යනු ඇති. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැහැ.”

“යාපනයේ රසවිඳිනු ලැබු ප්‍රණීත මුහුදු ආහාරයේ සිට සීගීරිය බිතු සිතුවම් දක්වාත්, නුවරඑළියේ තේ වතු සිට ගාලු වෙරළ තීරය දක්වාත් ශ්‍රී ලංකාව තදින් මගේ සිත් ඇදබැද ගත්තා.”

“ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් ත්‍යාගශීලිවන්තභාවය පිළිබඳව මා ස්තූතිවන්ත වනවා. මට එය කිසිදිනක අමතක කළ නොහැකි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img