Thursday, September 17, 2026
HomeNEWSඅමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

මෙරට අමෙරිකානු තානාපති එරික් මයර්  මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර ප්‍රථම නිල හමුව පවත්වා තිබේ.

එහිදී, වර්ධනය වෙමින් පවතින එක්සත් ජනපද – ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්වය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

මෙම හමුවේදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී තිබේ.

TH-57 හෙලිකොප්ටර් යානා 10ක්, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ සිව්වැනි කටර් යාත්‍රාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අක්වෙරළ මුර සංචාරක යාත්‍රා සඳහා ඩොලර් මිලියන 4ක් වටිනා දියුණු චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ශ්‍රී ලංකාවට ලබාදීම ඇතුළු මෑතකදී එක්සත් ජනපදය ලබාදුන් සහයෝගය මෙහිදී අගය කර ඇත.

මෙම ආරක්ෂක හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීම, හමුදා සූදානම වැඩිදියුණු කිරීම සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කළ බව සඳහන් වේ.

එමෙන්ම ඉන්දියානු සාගරයේ මෙන්ම ඉන්දු-පැසිෆික් කලාපය පුරා දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රධාන අංශ 3ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් – ජනපති

රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අවුරුදු 13ට...

අගමැති – FUTA සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවෙන්ද කිසිඳු විසඳුමකට එළඹීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA)...

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img