Thursday, April 16, 2026
HomeNEWSLatest Newsඅයවැය දෙවන වර කියවීමේ විවාදය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතය.

අද සිට ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වේ.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිත ය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු‍ මන්ත්‍රීවවරුන්ගේ භෝජනාගාරයේ දී පැවැත්විණි.

ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් 2021 අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර එහිදී, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට ආනයනයන් මත යැපීමෙන් තොර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි අයවැයක් ඉදිරිපත්කර ඇති බවය.

ප්‍රායෝගික නොවන ඉතා දුර්වල අයවැයක් රජය විසින් ඉදිරිපත් කළ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවිය හැකි සැළැස්මක් ලෙස මෙවර අයවැය හැඳින්විය හැකි බවය.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් වෙන්කිරීමක් හෝ නව සැළසුම් සකස් කිරීමක් මෙවර අයවැය තුළ දක්නට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

අයවැය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img