Saturday, October 24, 2026
HomeNEWSLatest Newsඅයවැය දෙවන වර කියවීමේ විවාදය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතය.

අද සිට ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වේ.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිත ය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු‍ මන්ත්‍රීවවරුන්ගේ භෝජනාගාරයේ දී පැවැත්විණි.

ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් 2021 අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර එහිදී, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට ආනයනයන් මත යැපීමෙන් තොර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි අයවැයක් ඉදිරිපත්කර ඇති බවය.

ප්‍රායෝගික නොවන ඉතා දුර්වල අයවැයක් රජය විසින් ඉදිරිපත් කළ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවිය හැකි සැළැස්මක් ලෙස මෙවර අයවැය හැඳින්විය හැකි බවය.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් වෙන්කිරීමක් හෝ නව සැළසුම් සකස් කිරීමක් මෙවර අයවැය තුළ දක්නට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

අයවැය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img