Sunday, November 8, 2026
HomeNEWSඅරගලයට සම්බන්ධ වූ සංඛ්‍යාව ගැන පොහොට්ටු මහ ලේකම්ගෙන් අනාවරණයක්

අරගලයට සම්බන්ධ වූ සංඛ්‍යාව ගැන පොහොට්ටු මහ ලේකම්ගෙන් අනාවරණයක්

බුද්ධි අංශ වාර්තා අනුව අරගලයට සම්බන්ධ වී ඇත්තේ ලක්ෂ දෙකකට අඩු පිරිසක් බව අනාවර්ණය වී  ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ, පොළොන්නරුවේ පැවති ජන හමුවකට එක් වෙමිනි. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා, 

“දැනට සති කිහිපයකට පෙර බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අරගල ගැන හෙළිකිරීමක් කළා.  බුද්ධි අංශ සංඛ්‍යා ලේඛන අනුව අරගලයට සම්බන්ධ වුණ පිරිස ලක්ෂ දෙකකට අඩුයි. ඒකට බය වෙලා අපි අඩියක් පිටුපසට ගත්තා. බයවුණු අය ස්වාධීන වෙන්න ගියා. ස්වාධීන වීම පිටුපස තිබුණේ බයක් නෙමේ කුමන්ත්‍රණයක්. “

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2022 ජාතික සමුළුව පිළිබඳ ආසන මට්ටමේ පුර්ව දැනුවත් කිරීමේ පොළොන්නරු දිස්ත්‍රික් වැඩසටහන අද පැවැත් වුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉන් ඉවත්ව ස්වාධිනව කටයුතු කිරීමට ගත් තීරණය හේතුවෙන් පුරප්පාඩු වු දිස්ත්‍රික් නායකත්වයට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා මෙහිදී පත්කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img