Monday, August 17, 2026
HomeNEWSඅල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා මුදල් හා වත්කම් උපයාගත්තේ යැයි චෝදනාකරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවය. 

ඒ අනුව විත්තිකාර රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ව නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුව මීට පෙර විභාගයටගත් අවස්ථාවේ දී මූලික විරෝධතාවක් මතු කළ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙම නඩුව පැවරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන් දෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණයට ඉදිරිපත්කර නොමැති හෙයින් එය පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වාදුනි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා වත්කම් සහ මුදල් උපයාගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img