අවශ්‍ය තැනදී නායකත්වය සහ සංවිධානය ලබාදෙන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ මිරිහානේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
“අපි සැලකිලිමත් වෙන්න ඕන ඇයි ?. ඇතැම් උද්ඝෝෂණ තුළ ආණ්ඩුවට අවශ්‍ය දේ කරන නිසා. ඒ නිසා උද්ඝෝෂණ සාමකාමීව හා යම් මෙහෙයවීමකට අනුව සිද්ධ කරන්න… පක්ෂයක් ලෙස අපේ සියලු දායකත්වය ලබා දෙනවා. අවශ්‍ය තැනදී නායකත්වය හා සංවිධානය දෙන්නම්. ඔහේ පැනනඟින උද්ඝෝෂණවල වාසිය ආණ්ඩුවට.”






















