Thursday, November 12, 2026
HomeNEWSඅවුරුදු 15 - 19ත් අතර දරුවන් සිටින දෙමව්පියන්ට දැනුම්දීමක්

අවුරුදු 15 – 19ත් අතර දරුවන් සිටින දෙමව්පියන්ට දැනුම්දීමක්

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය සඳහන් කළේ බෝවන රෝග පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඒ සඳහා හිමිවූ බවය.

ඒ අනුව ලබන සඳුදා සිට දිවයින පුරා දිස්ත්‍රික් රෝහල් සහ ඊට ඉහළ මට්ටමේ පවතින රෝහල් තුළදී එම එන්නත්කරණය සිදු කෙරෙන බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

එසේම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී සහ එන්නත්කරණ මධ්‍යස්ථානවලදී ද අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට තීරණය කළ බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

මේ අතර මේ මස 21 වැනිදා පාසල් විවෘත කිරීමට සුදානම් වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අද (07) විදුහල්පති සංගම් සමග පැවති සාකච්ඡාවකදී ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img