*අස්වැසුම වැඩසටහනේ ගැටලු රැසක් පවතිනවා. කඩිනමින් ඒවා විසදිය යුතු යි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*මෙරට දුගී පවුල් සදහා මූල්‍ය සහාය ලබා දීමේ අරමුණින් පසුගිය රජය විසින් අස්වැසුම වැඩසටහන ආරම්භ කළ බවත් මෙමගින් ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීමට උත්සාහ කළත් එහි පැවැති දුර්වලතා නිසා සත්‍ය වශයෙන් ප්රතිලාභ හිමිවිය යුත්තන් සදහා ප්රතිලාභ නොලැබුණු බවට පසුගිය කාලයේ වාර්තා වූ බැවින් මෙම දුර්වලතා අවම කර ගැනීමට ප්රතිලාභ ලබා දිමේ ක්‍රමවේදය සුදුසුකම් හා ජීවන තත්ත්වය සංවර්ධනය සදහා නිරන්තර ඇගයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම නිරන්තර වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ ලබා දෙන ප්‍රතිලාභී මුදල ගැන ප්‍රශ්න කළ යුතු බවත් අද වන විට කැරට් කිලෝවක් රු.800ටත් බෝංචි කිලෝවක් රු. 650ක් මිරිස් කිලෝවක් රු.800ක් කරවිල කිලෝවක් 450ක් වැනි විශාල අගයක් ගන්න බවත් ආහාරපානවල මිල ගණන් පවා ඉහළ ගොස් ඇති බවත් මේවාගෙන් ප්රතිලාභ ලබන ජනතාව ධාන්‍ය වගාවේ පවා නිරත වන නමුත් ඔවුන්ට නියමිත මිලක් නොලැබෙන බවත් එම නිසා අස්වැසුම වැඩසටහන ගැන ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්න රැසක් පැන නැගී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමිනි.*අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වන අරමුණු, අස්වැසුම වැඩසටහන තුළින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගෙන ඇත්නම් එම ඉලක්ක සහ මෙම වැඩසටහන ආරම්භක දිනයේ සිට වසරක් වසරක් පාසා ප්රතිලාභ ලැබූ සංඛ්‍යාවත් වාර්ෂිකව වැය කළ මුදලත් දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේම මෙම ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අනුමගමනය කරන ක්‍රමවේද මෙන්ම විද්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාවට එම ක්‍රමවේද උචිත වන්නේද කියා සොයා බැලිය යුතු බවත් ලෝක බැංකුව, ලරන් ඒෂියා වාර්තාවට අනුව දුප්පත්කම වැඩි බවත් එවැනි තත්ත්වයක් තුළ අප අනුගමනය කරන ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් නව රජය යටතේ අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීමට ඉදිරිපත් වූ අයදුම්පත් වෙන්කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.*අද වන විට ආයෝජකයන් රට අතහැර යන තැනට පත් වෙලා*මෙම සහනාධාර ලබා දීමට අමතරව ආයෝජන ප්‍රවර්ධනය හරහා දුප්පත්කම තුරන් කළ හැකි බවත් මේ වන විට සිංගප්පූරුවේ මිලියන 8ක ආයෝජනයක් එනම් ෆෝම් මෙට්‍රස් ලක්ෂ 25ක් අපනයනය කරන්නට කටයුතු කරන 500කට රැකියා දෙන ආයතනයක මාස 6ක් පුරා නිෂ්පාදනය සිදු නොකරන බවත් වානිජ දෙපාර්තමේන්තුව හා ආයෝජන මණ්ඩලයේ සීමා අනුව 50000ක කෝටාවක් පමණක් පිටරට යැවිය යුතු බවත් මෙවැනි ගැටලු තිබියදි ආයෝජකයේ රට හැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.https://youtu.be/KcGt1FtZTz0?si=A-co1c-0MUySFvhN






















