Sunday, November 8, 2026
HomeNEWSඅහුංගල්ල සිද්ධිය ගැන තවත් අයෙක් STF අත්අඩංගුවට

අහුංගල්ල සිද්ධිය ගැන තවත් අයෙක් STF අත්අඩංගුවට

පසුගිය ඔක්තෝබර් 12 වනදා අහුංගල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙක් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක්ව විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (23) රඹුක්කන පොලිස් වසමේ වාගොල්ලවත්ත, කූරෙම්පොල, රඹුක්කන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ඔක්තෝබර් 12 වනදා අහුංගල්ල හෝටලයක් ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දී T56 ගිනි අවියකින් වෙඩිතබා පුද්ගලයෙකුව ඝාතනය කිරීමට තැත් කිරීමේ සිදුවීමට අදාළ ව එම සැකකරුවන් පැමිණි මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. 

මෙම සැකකරු රඹුක්කන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img