ආනයනය කළ ආහාර නිදහස් කළ පසු නැවත පරීක්ෂාවට නව ඒකකයක් අවශ්‍යයි – රේගු වෘත්තීය සමිති
මෙරටට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ගේ ගුදම්වලට මුදාහැරීමෙන් පසු නැවත පරීක්ෂා කිරීම සඳහා වන ඒකකයක් ස්ථාපිත කළ යුතු බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි.
එහි සභාපති සහකාර රේගු අධිකාරී ඇන්ටන් ප්‍රියශාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ එවැනි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් වීමේ අවදානමක් පවතින බවය.
මේ අතර මෙරට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වන නීති තවදුරටත් බලාත්මක වියයුතු බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පෙන්වා දෙයි.
එම පෙරමුණේ ලේකම් කපිල පෙරේරා මහතා පැවසුවේ නීති පැවතිය ද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම තුළ ආහාරවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් වර්තමානය වනවිට උද්ගත වී ඇති බවය.






















