Sunday, November 8, 2026
HomeNEWSආනයන සීමා ඉවත් වෙන්නේ කවදා ද?

ආනයන සීමා ඉවත් වෙන්නේ කවදා ද?

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම මේ මොහොතේ අවශ්‍යම පියවරක් බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය සමනයවීමෙන් පසු ක්‍රමාණුකූලව එම සීමා ඉවත්කරන බවය.

“මේ වෙලාවේ අපි රටක් ලෙස තීරණය කරන්න ඕනේ.. ලැබෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය පාවිච්චි කරන්නේ මොනාටද කියලා.”

“තෙල්, බෙහෙත්, ගෑස්, ගේනවාද? එහෙම නැත්තම් දුරකථන, මෝටර් රථ, ටෙලිවිෂන් එකක් ගන්නවාද? කියලා.” 

“ඒ මුදල් අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් පාවිච්චි කරාම ජනතාවට විශාල පහසුවක් ඒ තුළින් සැපයෙනවා මේ වගේ අවස්ථාවක.”

“ඒ නිසා තමයි අත්‍යවශ්‍ය නොවන දේවල් තහනම් කළේ. මේවා තාවකාලිකව කරන දේවල්. යම් ව්‍යාපාරවලට බලපෑම් සිදුවෙන බව නොදැන නෙමෙයි මේක කළේ.” 

“නමුත් මේ වෙලාවේ වැදගත් තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම විදිහට භාවිත කිරීමයි.”

“මේ තත්ත්වය සමනය වුණාට පස්සේ ක්‍රමාණුකූලව සීමා ඉවත් කරන්න පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img