Sunday, November 8, 2026
HomeNEWSආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජය සැරසෙයි

ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජය සැරසෙයි

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවය.

“ණය සංචිත ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. ජනතාවට අත්‍යවශ්‍ය ගෑස්, තෙල්, සෞඛ්‍ය සහ ඖෂධ ආනයනය සඳහා මුදල් අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍ය වුණා ප්‍රමුඛතා ලේඛනයක් හදන්න.”
 
“ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය මගින් තමයි මේක නිර්දේශ කළේ. ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කළා.”
 
“බෙහෙත් නැති රටේ අපි විදේශවලින් සරුංගල් ගෙනාවා. අගෝස්තු මාසෙ 23 නිකුත් කළා ගැසට් නිවේදනයෙන් අපි භාණ්ඩ 1,465ක්  නවත්වනකොට මේවා අපිට නවත්වන්න සිද්ධ වුණා.” 

“පසුව වාණිජ මණ්ඩල ඇතුළු විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක ආනයන සීමා ඉවත් කළා.”

“අපි අපනයන වැඩි කරලා ආනයන සීමා කළ යුතුයි. නැවත වරක් සලකා බලලා අපි මේවා ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා.” 

“කර්මාන්තය අංශයට අවශ්‍ය කරන ඒවා නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතාවක් නිසා රට පැත්තෙන් හිතලා කමිටුවක් මඟින් කරන ආකාරයට තමයි මේවා ලිහිල් කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ. මීට අමතරව අපි දෘශ්‍යාබාධිත උපකරණ සඳහා පනවා තිබූ සීමා කිරීම් ද ඉවත් කිරීමට කටයුතු කළා.”

ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී තව දුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංචිත ආරක්ෂා කරගැනීම සේම දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකි වනපරිදි ආනයන සීමා ලිහිල් කිරීමට ද රජයේ අපේක්ෂාව බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img