Monday, November 16, 2026
HomeNEWSආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

‍
ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.

කාලගුණික විපර්යාසයන්හි නවතම තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

වර්තමානය වන විට මුහුණ දෙන උණුසුම් කාලගුණික තත්ත්වය සහ අධික වැසි තත්ත්වය පිළිබඳව සිදු කර ඇති පුරෝකථන දත්ත තව දුරටත් විශ්ලේෂණය කරමින් මෙමගින් ඇති විය හැකි සමාජ බලපෑම පිළිබඳව පුරෝකථන වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමගින් පානීය ජලය, විදුලිබලය, ආහාර අවශ්‍යතා ආදිය කළමනාකරණය සහ වන සතුන්ට සිදුවිය හැකි බලපෑම් නිර්ණය කිරීමට අදාළව තිරසර පිළියම් යෙදීම සඳහා දැනට සකස් කර ඇති සැළසුම් යාවත්කාලීන් කර ගැනීමට හැකි වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ පුරෝකථන වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගෙදර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-11-16

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපතිතුමාගේ අයවැය කතාව සුරංගනා ලෝකයක්- මරික්කාර්

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය. ‘‘ජනාධිපතිතුමා ලස්සන...

සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත CCIB ය මගින් අත්අඩංගුවට

2015 -2019 සමයේ ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ රු. 31 ලක්ෂයකට අධික සේවක අතිකාල දීමනා වංචා කළ බව කියන සිද්ධියකට සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ...

අනුරාධපුර පූජා භූමියේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය ගැන මහා නායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතුයි- ෂිරාස් යුනුස්

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පූජාභූමියේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරනවා= අග්‍රාමාත්‍යතුමිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරන්න කටයුතු කරනවා 2027 අයවැයෙන් වෙන් කළ මුදල් නිසිපරිදි භාවිත කරන එක රජය විසින් ඔබට ලබා දෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img