රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව, සෛරීත්වය, ඒකීයභාවය සුරක්ෂිත කරන්නට දැවැන්ත මෙහෙවරක් ඉටු කළ නිසා ඔවුන්ට දැක්විය හැකි උපරිම කෙළෙහිගුණය දැක්විය යුතු බවත් මේ වන විට ආබාධිත රණවිරුවන්ගේ බරපතළ ගැටලු රැසකට තවමත් විසඳුම් ලැබී නැති බවත් ක්රමයේ වෙනසක් කරනවා කියා බලයට පත් වත්මන් රජය ආබාධිත රණවිරුවන් ඇතුළු රණවිරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම අවධානය යොමු කිරීම දුර්වල මට්ටමක පවත්වාගෙන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආබාධිත රණවිරුවන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳ සාකච්ඡාවක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායකක කාර්යාලයේදී පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
අප රටේ රණවිරුවන්ට 1981 විශේෂ විධිවිධාන ක්‍රමවේදය තුළ දුබලතාව ආබාධිත තත්ත්වයට හෝ මිය යෑමට ලක් වුවහොත් දීමනා වේතන හා වරප්‍රසාද සියල්ල ලබා දෙන බවත් මෙය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩුවක් 2016 දී හඳුනාගෙන සේවා කාලය වසර 22න් විශ්‍රාම ගිය නමුත් යුද පිටියේදී ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත් වු රණවිරුවන්ට සිදුවූ යම් අසාධාරණයක් නිවැරදි කිරීමට ඔවුන් වෛද්‍ය මණ්ඩලයකට කැදවා ඔවුන්ගේ ඉපැයීමේ හීනතාව 20%ට වැඩි නම් අඛණ්ඩව වයස 55 තෙක් සියලුම වේතන දීමනා ගෙවීම් වැටුප් වර්ධක ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට මේ තත්ත්වයට මුහුණ දී ඇති රණවිරු ප්‍රජාව 2014.02.28 දින පනවපු චක්‍රලේඛයක් අනුව ඔවුන්ව 2014.03.01ට පෙර සහ පසු ආබාධිත රණවිරුවන් කියා කොටස් 2කට නම් කර 2014.03.01ට පෙර රණවිරුවන්ට පෙර සඳහන් කළ සියලු වරප්‍රසාද දීමනා වැටුප් වර්ධක දීමත් 2014.03.01ට පසු විශ්‍රාම ගිය 500කට ආසන්න ප්‍රමාණයකට මෙය නොලැබිමත් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ නිසා ආබාධිත රණවිරුවන් කොටස් 2කට කඩා දෙවිදියකට සකලන බවත් මේ නිසා මේ අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන නිසා වහා නිවැරදි විය යුතු බවත් ජනාධිපතිවරයා රජය මෙයට මැදිහත් වී මේ අඩුපාඩුව නිවැරදි කර ගත යුතු බවත් රජය බලයට පත්ව ගත් අමාත්‍ය මණ්ඩල තීරණවලින්ද මේ එකම ආබාධිත රණවිරු කොට්ඨාසයකට දෙවිදියකට සැලකීමය සාධාරණයක් ඉටුව නැති නිසා දැන්වත් මොවුන්ට සාධාරණය ඉටු විය යුතු බවත් මොවුන්ට හිමි හිග වැටුප් දීමනා නැවත ලැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.























