Saturday, August 15, 2026
HomeNEWSආයෝජන හා වෙළෙඳාම ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය ....

ආයෝජන හා වෙළෙඳාම ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය ….

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍රය පිළිගැන්වූවාය. 

අනතුරුව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ නව වියට්නාම් තානාපතිනිය වත්මන් ද්විපාර්ශ්වික සබඳතා සහ අනාගත සහයෝගීතා වර්ධනය පිළිබඳව කෙටි වේලාවක් අදහස් හුවමාරු කරගත්හ. වියට්නාම් රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ජනාධිපතිතුමා වෙත පුද කළ හෝ තී තාන් ටෘක් මහත්මිය ශ්‍රී ලංකාව සමග සබඳතාවනට වියට්නාමය ඉහළම ප්‍රමුඛතාවක් දී ඇතැයි සඳහන් කළාය.

සිය රට මුහුණ පා සිටි දුෂ්කර අවධියේ දී ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය තානාපතිනියගේ පැසසුමට ලක් විය. තම ධූර කාලය තුළ දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි සෑම දෙයක්ම කරන බව තානාපතිනිය කීවාය. 

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින් කථා බහ ආරම්භ කළ ජනාධිපතිතුමා තම රජයේ සමාජ, ආර්ථික දර්ශනය තානාපතිනියට පැහැදිළි කළේය. “ කෘෂි ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, ගැමි ජනයාගේ ආදායම නැංවීම අපේ ප්‍රමුඛතා කිහිපයක්. ඒ අරමුණ දිනා ගැනීමට අවශ්‍ය සැලසුම් දැන් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඒවායේ අවසාන ඉලක්කය අඩු ආදායම්, මැදි ආදායම්, ග්‍රාමීය, නාගරික ආදී සෑම සමාජ ස්ථරයකටම වඩා සතුටුදායක ජිවන තත්ත්වයක් අත්කර දීම. අප සංවර්ධනය දෙස බලන්නේ වාර්ගික දෘෂ්ටියකින් නොවෙයි. ජනතාව සමස්ථයක් ලෙස සලකමින්”ජනාධිපතිතුමා කීය.

වී සහ වෙනත් කෘෂි භෝග සඳහා සහනාධාර දෙමින් ඉහළ මිලක් සහතික කිරීම නිසා සෑම ජන කොටසකටම අයත් ගොවීනට ප්‍රතිලාභ අත්ව ඇතැයි රාජපක්ෂ මැතිතුමා පැවසීය.  බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කිසිවෙකු මරණයට පත් නොවූ බවත්, රට තුළ විශාල සංවර්ධනයක් ඇති කිරීමට හැකි වූ බවත් එතුමා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ පවත්නා ආයෝජන ඉඩ ප්‍රස්ථා හඳුනාගෙන ඉන් ප්‍රයෝජන ගන්නැයි වියට්නාමයෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා දෙරට අතර වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කළ හැකි බව පෙන්වා දුන්නේය. 

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාම් ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමටත්, වෙළෙඳ හා සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයටත් ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවට වියට්නාම් තානාපතිනිය සහතික වූවාය. 

ශ්‍රී ලංකා – වියට්නාම් තානාපති සබඳතා 1970 ජුලි 21 වැනිදා ආරම්භ විය. 

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, වියට්නාම් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ත්‍රාන් ත්‍රොං තාන් යන මහත්වරු කථා බහට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...

ජනපති ප්‍රමුඛ මාලිමාව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනය කරනවා- විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාව ගරු අධිකරණයේ ස්වාධීනත්වය සමූළ ඝාතනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ගරු අධිකරනයේ ස්වාධීනත්වය සමූල ඝාතනයට ලක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img