කොවිඩ් -19 ආසාදිතයින් 271 දෙනෙකු ඊයේ (25) දිනයේදී මෙරටින් හඳුනාගෙන තිබේ.
ඉන් 20 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු ආසාදිතයින් 251 දෙනා දිස්ත්‍රික්ක 17 කින් හඳුනාගෙන ඇත.
මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව සැලකියයුතු මට්ටමින් ඉහළගොස් ඇති අතර ඊයේ (25) දිනය තුළ පමණක් යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77 දෙනෙකු හඳුනාගෙන ඇත.
දිවයිනේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ද එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
කොළඹින් ආසාදිතයින් 64 දෙනෙක්, ගම්පහින් ආසාදිතයින් 27 දෙනෙක් ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්ය.
මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 91,289 දෙනෙකු වන අතර ඉන් 87,881 දෙනෙකු සුවය ලබා තිබේ.
කොවිඩ් -19 ආසාදිතයින් 2851 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනයේදි කොවිඩ් – 19 ආසාදිත මරණ තුනක් වාර්තාවීමත් සමග මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 869,000කට අධික පිරිසකට ලබාදී තිබේ.
ඊයේ (25) දිනය තුළ පමණක් පුද්ගලයින් 13,382 දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.






















