Wednesday, November 11, 2026
HomeNEWSආසාදිතයින් හමුවූ ප්‍රදේශ - දිස්ත්‍රික්ක 2ක සුළු වැඩිවීමක්

ආසාදිතයින් හමුවූ ප්‍රදේශ – දිස්ත්‍රික්ක 2ක සුළු වැඩිවීමක්

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සලකාබැලීමේ දී මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසති.

ඊයේ (04) දිනයේ මාතර දිස්ත්‍රික්කයෙන් දෛනික ආසාදිතයින් 250 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් දෛනික ආසාදිතයින් 200 දෙනෙකු වාර්තා විය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,005ක් වන අතර මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,484කි.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලින් 400කට ආසන්න දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.

ගම්පහ 393ක්, කොළඹ 388ක් සහ කළුතර 382ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මොනරාගල 116ක්, අම්පාර 98ක්, රත්නපුර 96ක්, මඩකලපුව 91ක්, නුවරඑළිය 83ක්, බදුල්ල 73ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 72ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඒ අනුව දෛනිකව හමුවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවමින් ඊයේ (04) නව ආසාදිතයින් 2,561 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 2,000 ඉක්මවා ගියේ අඛණ්ඩව 7වන දිනටය.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 318,755 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සංඛ්‍යාව 284,524 කි.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 29,504 කි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට පුද්ගලයින් ලක්ෂ 10කට වැඩි පිරිසකට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 8 ලක්ෂ 7,539කි.

ඊයේ දිනය තුළ පමණක් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 30,499 ‍දෙනෙකුටත්, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 50,893 දෙනෙකුටත් ලබාදී තිබේ.

එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදීත් සයිනොෆාම් එන්නතේ පළමු හා දෙවන මාත්‍රා මෙන්ම ෆයිසර් සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රා ලබාදී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනය තුළ සයිනොෆාම් එන්නත් මාත්‍රා 1 ලක්ෂ 9,014ක්, ෆයිසර් පළමු මාත්‍රාව 1,308 ක් සහ මොඩර්නා පළමු මාත්‍රාව 5,625 දෙනෙකුට ලබා දී තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ ලබාදී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව 1 ලක්ෂ 97,349කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img