ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 460ක් දක්වා ඉහළට
අද වන විට පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අතරින් යම් පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, කොළඹ නගරය තුළ ආසාදිත බවට පත්ව ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ සොයා බැලීම සඳහා අද (10) දිනයේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ද පොලිස්පතිවරයා විසින් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,
“අනෙක් ආසාදිතයින් දිනපතා බිහිවන්නේ නිරෝධායනයට ලක්කළ 3000කට ආසන්න නිලධාරීන් අතරින්. අපි විවිධාකාරයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් නිරෝධායනය කඳවුරුවලට පොලිස් නිලධාරීන් යොමුකරලා තියෙනවා. ඒ අයගේ පීසීආර් පරීක්ෂණවලින් තමයි මේ තත්ත්වයට පත්වෙලා ආසාදිතයෝ බවට පත්වෙන්නේ. කෙසේවෙතත් මේ තත්ත්වය පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම අරන් තියෙනවා. ඇඳිරිනීතිය පටන්ගත්ත දිනයේ සිට අද දක්වා වැඩ කළ පොලිස් නිලධාරීන් 80,000කට ආසන්න පිරිසක් අතරින් කොටසකට තමයි මේක වැළඳුනේ හැබැයි වැළඳුනේ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මාළු කඩේ පොකුරට යම් ආකාරයකින් සම්බන්ධ වීම නිසයි. සාමාන්‍ය රාජකාරී කරන අයගෙන් වෙන්කරලා තමයි මොවුන් බිහිවෙන්නේ. කෙසේවෙතත් අද ඉදලා පොලිස්පති තුමා විසින් කොළඹ නගරයේ ආසාදිත නිලධාරීන් පිළිබඳ හොයලා බලන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් පත්කරලා තියෙනවා. සෞඛ්‍ය අංශ සමග ඍජුව ගනුදෙනු කර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා.“






















