Wednesday, November 11, 2026
HomeNEWSඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත්කිරීමේ තීරණයක්

ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත්කිරීමේ තීරණයක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා දිනයේ නිකුත් කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව සඳහන් කළාය.

ඒ අද (14) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.

මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,152 දෙනෙකු ගතවූ පැය 24 තුළ හඳුනාගෙන තිබුණි.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාව අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 348,270 දක්වාඉහළ ගොස් තිබේ.

ඒ අතරින් ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කළ ගණන 304,628කි.

ආසාදිතයින් 37,000කට අධික පිරිසක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දැනට මෙරට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 373,661 දෙනෙකුට ලබා දී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවට අනුව මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 17 ලක්ෂ 62,653කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 43 ලක්ෂ 2,572ක් දක්වා ඉහළගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img