Wednesday, November 11, 2026
HomeNEWSඇමති වාසුදේව ගෙන් අනතුරු ඇඟවීම්

ඇමති වාසුදේව ගෙන් අනතුරු ඇඟවීම්

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවතිය හොත් තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් එයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය. 

“සාමුහික වගකීම තුළ අපට මතුවන ගැටලුවලට අපි විසඳුමක් සොයාගෙන යනවා. සාමුහික වගකීමකුත් තිබෙන්න ඕනේ. නමුත් සාමුහික වගකීම තුළ අපට මතුවන ගැටලුවක් වුණොත් ඒකටත් විසඳුමක් අපි සොයාගන්න ඕනේ. මේ පිළිබඳව තීන්දුවකට එළඹීමට නොහැකි වූ නිසා අපට අපේ අදහස් වෙනම ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙනවා. ඡන්දය ප්‍රකාශකරන අවස්ථාවක් ආවෝත් පාර්ලිමේන්තුවෙදී අපේ ඡන්දය අද පාවිචච් කරන්නේ මේ අද ගෙනැවිත් තිබෙන යෝජනාවට විරුද්ධවයි. අයවැය තුළ යුගදනවි තිබුණේ නැහැ. ඒක ඉදිරිපත් වුණාම ඒ ගැන අදහස සහ ඒ ගැන තීරණය අපි දෙන්නේ.”

මාධ්‍යවේදියා – IMF ගියොත් ඔබතුමා ආණ්ඩුවෙන් ඉවත්වෙනවා කියලා තිබුණා. මොකක්ද ඒ කථාව ?

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා – “ඒ කථාවේ තේරුම අපි IMF යන්නේ නැහැ කියන එක. මම ආණ්ඩුවක ඉන්නේ නැහැ IMF එකට යනවානම් කියා තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා ඉතාමත්ව පැහැදිලිව කැබිනට් මණ්ඩලයට කිව්වා  IMF එකත් සමග ගණුදෙනුවකට යෑම අපට මේ වෙලාවේ ගිතන්නවත් බැරි දෙයක්. ආනයනයන් සීමා කිරීම අපේ යෝජනාව. නමුත් IMF එකේ යෝජනාව තමයි ආනායනයන් සීමා නොකිරීම.  IMF කියන්නේ ආනයනයන් නිදහසේ වෙන්නට ඇරලා ඊට අවශ්‍යය හිඟ මුදල අපෙන් පියවගන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img