Wednesday, September 2, 2026
HomeNEWSCOVID-19ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි කොවිඞ් -...

ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි කොවිඞ් – 19 වෛරසයේ බලපෑම පිළිබඳව සිදු කළ අධ්‍යයනයෙහි වාර්තාව ජනගත කෙරේ.

ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි කොවිඞ් – 19 වෛරසයේ බලපෑම පිළිබඳව සිදු කළ අධ්‍යයනයෙහි වාර්තාව ජනගත කෙරේ.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි කොවිඞ් – 19 වෛරසයේ බලපෑම පිළිබඳව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුු කළ විද්‍යාත්මක අධ්‍යයනයෙහි වාර්තාව අද (06) දින කොළඹ ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයෙහි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩමුළුවේ දී ජනගත කෙfරිණි.මෙම අධ්‍යයන වාර්තාව සැකසීම සඳ හා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්. පී. ප්‍රේමරත්න, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. එම්. එස් ප්‍රියනාත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්. එස්. කොඩිතුවක්කු යන මහත්වරුන් දායකත්වය සපයා ඇති අතර අධ්‍යයනය සිදු කර ඇත්තේ පාස් ඒෂියා උපදේශන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සමන්ත පතිරත්න මහතා ඇතුළු එම ආයතනය විසිනි. ඉහත වැඩමුළුවේ දී අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කිරීම කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා විසින් සිදු කරන ලදී. පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා සිදු කළේය. ප්‍රධාන දේශනය විෂය භාර අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා විසින් සිදු කළ අතර මහ බැංකුව, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහභාගී වු ව්‍යවසායකයන්ගේ ගැටලුවලට පිළිතුරු සැපයීම ද මෙහි දී සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...

අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9081ක් නිකුත් කිරීමට පියවර ගත්තා-අධිකරණ ඇමති

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.අධිකරණ ඇමති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img