Sunday, November 22, 2026
HomeNEWSඇමරිකාව "තායිවාන ස්වාධීනත්වය" සඳහා සහාය නොදෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

ඇමරිකාව “තායිවාන ස්වාධීනත්වය” සඳහා සහාය නොදෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

ඇමරිකාව “තායිවාන ස්වාධීනත්වය” සඳහා සහාය නොදෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

ඇමරිකාව “තායිවාන ස්වාධීනත්වය” සඳහා සහාය නොදක්වන බව ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(19) චීනයේ Shenzhen නගරයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හමු වූ අවස්ථාවේදී. APEC ආර්ථික නායක සමුළුවට සහභාගි වීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා චීනයට පැමිණ සිටිනවා.

චීන පාර්ශ්වයෙන් තමාට ලැබුණු උණුසුම් පිළිගැනීම පිළිබඳව Donald Trump මහතා සිය ස්තුතිය පළ කළා. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනගා ගත වූ වසර 40කට වැඩි කාලයක් තුළ ඇමරිකාව හා චීනය අතර සම්බන්ධතාවය කැපී පෙනෙන ප්‍රගතීන් ලබා ඇතැයි ඔහු පැවසුවා. ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ තමා සමීප සබඳතාවක් පවත්වාගෙන යන බවත් එම මිත්‍රත්වය දිනෙන් දින පුළුල් වූ බවත් ඔහු සඳහන් කළා. දෙරට අතර වෙළඳ සහ ආයෝජන සබඳතා අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතින අතර, ෆෙන්ටැනයිල් ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව ද ප්‍රතිඵල අත්කර දී තිබෙනවා. දෙපාර්ශ්වය දෙරට සබඳතාවල පවතින ස්ථාවරත්වය සහ එහි ගම්‍යතාව ඉදිරියට ගෙන යමින්, කෘෂිකාර්මික නිෂ්පාදනය, බලශක්තිය සහ සුපිරි බුද්ධිය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කළ හැකි යැයි ඔහු පෙන්වා දුන්නා.

APEC ආර්ථික නායක සමුළුව සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු චීනයට සුබ පැතුම් එක් කළේය. ඇමරිකාව සහ චීනය යන රටවල් දෙකම ඉතා බලවත් ජාතීන් වන අතර, ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට එම රටවල් දෙක එක්ව නායකත්වය ලබා දිය යුතු බව ද ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා – විපක්ෂ නායක සජිත්

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි...

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img