Friday, September 11, 2026
HomeNEWSඇමෙරිකාවට ඉරානය ප්‍රතිචාර දැක්වීමත් සමගම මැදපෙරදිගටම යුධ උණුසුම

ඇමෙරිකාවට ඉරානය ප්‍රතිචාර දැක්වීමත් සමගම මැදපෙරදිගටම යුධ උණුසුම

දකුණු ඉරානයේ ඊශ්‍රායල – ඇමරිකානු ප්‍රහාරයකින් බාලිකා ප්‍රාථමික පාසලකට සිදු වූ බව කියන ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉරානයට එරෙහි යුධ මෙහෙයුම අතරතුර, දකුණු ඉරානයේ හෝමෝස්ගන් (Hormozgan) පළාතේ මිනාබ් (Minab) නගරයේ පිහිටි ප්‍රාථමික බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් සිසුවියන් 24 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුධමය තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් දියත් කරන ලද බැලස්ටික් මිසයිල කිහිපයක් ජෝර්දාන ගුවන් සීමාව හරහා ගමන් කරමින් තිබියදී සාර්ථකව මර්දනය කළ බව ජෝර්දාන හමුදාව (JAF) නිල වශයෙන් නිවේදනය කරනවා.ජෝර්දාන ගුවන් ආරක්ෂණ පද්ධති මගින් බැලස්ටික් මිසයිල දෙකක් සිය ගුවන් සීමාව තුළදීම විනාශ කර ඇති අතර, එහි සුන්බුන් ජනශුන්‍ය ප්‍රදේශවලට පතිත වී ඇති බවයි වාර්තා වන්නේ. ඉරාන-ඊශ්‍රායල ගැටුම මුල් කරගනිමින් මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන පසුබිමක, ජෝර්දාන ගුවන් සීමාව හරහා ගමන් කළ බැලස්ටික් මිසයිල කිහිපයක් සිය හමුදාව විසින් විනාශ කළ බව ජෝර්දානය පවසනවා. ඉරාන-ඊශ්‍රායල ගැටුම තවදුරටත් ව්‍යාප්ත වෙමින්, මැදපෙරදිග කලාපයේ පිහිටි ප්‍රධාන අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර මාලාව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.ඉරාන බලධාරීන්ට අනුව, කටාර්හි අල්-උඩෙයිඩ් (Al-Udeid) ගුවන් හමුදා කඳවුර, කුවේට්හි අල්-සලෙම් (Al-Salem) ගුවන් හමුදා කඳවුර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-දෆ්රා (Al-Dhafra) ගුවන් හමුදා කඳවුර, බහරේනයේ අමෙරිකානු නාවික හමුදාවේ 5 වැනි බලඇණි මූලස්ථානය වෙත ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා.මීට පෙර අබුඩාබි අගනුවරින් වාර්තා වූ පිපිරුම්වලට අමතරව, මීට සුළු වේලාවකට පෙර ඩුබායි සහ අබුඩාබි යන නගර දෙකෙන්ම තවත් ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img