Sunday, July 19, 2026
HomeNEWSLatest Newsඇමෙරිකාවට විරුද්ධ වුණොත් 10%ක අතිරේක තීරු බද්දක්.

ඇමෙරිකාවට විරුද්ධ වුණොත් 10%ක අතිරේක තීරු බද්දක්.

අමෙරිකාව පනවන නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි එරට වේලාවෙන් අද දහවල් 12 සිට අදාළ රටවල් වෙත යොමුකිරීම අරඹන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.ටෘෘත් සෝෂල් අඩවියේ සටහනක් තබමින් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ BRICS සංවිධානය හඳුන්වාදෙන අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ එකඟවන ඕනෑම රටක් මත සියයට 10ක අතිරේක තීරුබදු පනවන බවය.එම බදු ප්‍රතිශතය කිසිසේත් වෙනස් නොකරන බවත් ඔහු අවධාරණය කර තිබුණා.ඔහු මේ බව නිවේදනය කළේ BRICS සමුළුව බ්‍රසීලයේදී ආරම්භ වූ පසුබිමකදීය.2009 වසරේදී, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය පිහිටුවාගත් එම සංවිධානයට පසුකාලීනව දකුණු අප්‍රිකාව එක්වූ අතර, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුව ඊට සම්බන්ධ වුණා.අමෙරිකානු බලධාරීන්ට අනුව තීරුබදු ප්‍රතිශත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස පළමුවැනිදා සිටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img