Tuesday, August 18, 2026
HomeNEWSඇමෙරිකාවේ, ටෙක්සාස් නිල වෙසක් දිනය පිළිබඳ විදේශ කටයුතු ඇමැති විජිත...

ඇමෙරිකාවේ, ටෙක්සාස් නිල වෙසක් දිනය පිළිබඳ විදේශ කටයුතු ඇමැති විජිත දැනුවත් කෙරේ

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ 2026 නිල වෙසක් දිනය පිළිබඳ විදේශ කටයුතු ඇමැති දැනුම්වත් කෙරේටෙක්සාස් ප්‍රාන්ත රජය වෙසක් දිනය පළමු වරට නිල වශයෙන් පිළිගෙන ඇති බවත් ඒ බව සඳහන් නිල ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ විසින් අමාත්‍ය විජිත හේරත් මහතා වෙත දැනුම් දෙනු ලැබී ය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනුවත් කිරීමට පැමිණි බෞද්ධ දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ දි අද (04) පෙරවරුවේ හමුවූ අවස්ථාවේ දී ය. 2025 මැයි 15 වන දින, ටෙක්සාස්හි ඔස්ටින්හි වෙසක් දිනය නිල වශයෙන් ටෙක්සාස් ප්‍රාන්තය විසින් පිළිගෙන ඇති බවත් ඒ අනුව එළඹෙන 2026 වසරේ මැයි 02-10 දිනවල ටෙක්සාස්හි රාජ්‍ය වෙසක් උත්සවය, පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් දැනුම් දුන් දූත පිරිස ඊට සමගාමීව, බුදුන් වහන්සේගේ භෞතික පැමිණීම සංකේතවත් කරමින් උන්වහන්සේගේ පූජනීය ධාතු ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බවත ද වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.2026 වසරේ පවත්වනු ලබන වෙසක් උත්සවය සඳහා පැමිණෙන ලෙස ද ධර්මදූත කණ්ඩායම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට ආරාධනා කළහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img