Tuesday, September 1, 2026
HomeNEWS"ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ තබන්නේ...

“ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ තබන්නේ නැහැ ! ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

“ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ තබන්නේ නැහැ ! “
   – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන බවත් එම කම්හල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නුදුරේදීම යළි විවෘත කිරීමට කටයුතු කරන බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද (19) පාර්ලිමේන්තුවේදී හේෂා විතානගේ මන්ත්‍රීවරයා වාචිකව ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට විෂය භාර අමාත්‍යවරයා ලෙස පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටා ඇති භූමිභාගය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව තිබුණත් එය කඩිනමින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල අයත් ජාතික කඩදාසි සමාගමට නීත්‍යනුකූලව පවරා ගැනීමට දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද මෙහිදී වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාතික කඩදාසි සමාගමට අයත් ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඈවර කළ අවස්ථාවේදී එය මිලදී ගත් පුද්ගලයා එහි යන්ත්‍ර සූත්‍ර බැංකුවකට උකසට තබා ණය ලබාගෙන රටින් ද පැන ගොස් තිබූ බව ද අමාත්‍යවරයා හේෂා විතානගේ මන්ත්‍රීවරයාට සිහිපත් කළේය.

වාලච්චේන කඩදාසි කම්හලට පණ දුන්නා සේ ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද යළි පණ දීමේ අරමුණින් ඒ පිළිබඳව සොයා බැලූ බවත් ඉහත කී ණය මුදලෙන් කොටසක් අදාළ බැංකුවට ගෙවා යන්ත්‍ර සූත්‍රවල අයිතිය මේ වන විට දේශීය ව්‍යාපාරික මහතකු ලබාගෙන ඇති බව එහිදී තමන්ට දැන ගැනීමට ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම දේශීය ව්‍යාපාරිකයාගේ කැමැත්ත වූයේ මෙම කම්හල පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වුවත් තමන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම අමිල ජාතික සම්පත, ජාතික කඩදාසි සමාගම සමඟ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ඇරඹීමට එකගව ඇති බව ද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව නුදුරේදීම ඇඹිලිපිටිය කඩදාසි මෙරට ජනතාව අතට පත් වීමට නියමිත බව ද කර්මාන්ත  අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img