Wednesday, April 22, 2026
HomeNEWSඉතාලියේ නව රැකියා අවස්ථා..සංක්‍රමණික වීසා බලපත්‍ර ලක්ෂයක්.

ඉතාලියේ නව රැකියා අවස්ථා..සංක්‍රමණික වීසා බලපත්‍ර ලක්ෂයක්.

ශ්‍රමික හිඟයකට මුහුණ දී සිටින ඉතාලිය නව සංක්‍රමණික වීසා බලපත්‍ර ලක්ෂයක් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඉතාලි කැබිනට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.මෙම “වර්ක් වීසා” නැත්නම් ඉතාලිය තුළ රැඳී සිටිමින් සේවය කළහැකි වීසා බලපත්‍ර පන්ලක්ෂය යුරෝපීය නොවන රටවල වැසියන් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.2026 වසරේ සිට 2028 වසර දක්වා මෙම ශ්‍රමික වීසා බලපත්‍ර නිකුත් කරන බව ඉතාලි කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ඒ අනුව ලබන වසරේදී යුරෝපීය නොවන රටවල ශ්‍රමිකයන් සඳහා වර්ක් වීසා 1,64,850 නිකුත් කිරීමට නියමිත බවත්, 2028 වනවිට එම සංඛ්‍යාව 4,97,550ක්, එනම් පන් ලක්ෂයකට ආසන්න මට්ටමට ගෙනඒම තම අපේක්ෂාව බවත් ඉතාලි කැබිනට් මණ්ඩලය පවසා ඇත. මෙම වැඩසටහනේ අරමුණ ශ්‍රමික හිඟයට පිලියම් ලෙස නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ඉතාලියට පැමිණෙන සංක්‍රමණික සංඛ්‍යාව ඉහළ නැංවීමය.මීට තුන් වසරකට පෙර ඉතාලියේ බලයට පැමිණ ජෝජියා මෙලෝනිගේ දක්ෂිණාංශික සන්ධානය නීතිවිරෝධී සංක්‍රමණයට එරෙහිව දැඩි පියවර ක්‍රියාත්මක කරන බව ප්‍රකට කරුණකි.එහෙත් ඔවුන් නීත්‍යානුකූල ලෙස විදේශ ශ්‍රමිකයන් ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා මෙවැනි වැඩපිළිවෙළක් 2023 සිට 2025 වසර දක්වාත් ක්‍රියාත්මක කළේය.ඒ යටතේ නිකුත් කෙරෙන වර්ක් වීසා සංඛ්‍යාව 4,50,000කි.නව සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමට මෙලෙස පියවර ගනිද්දී නීතිවිරෝධී සංක්‍රමණිකයන් වහා පිටුවහල් කිරීමට ජෝජියා මෙලෝනිගේ රජය පියවර ගනිමින් සිටි. මධ්‍යධරණී මුහුද තරණය කොට දුෂ්කර මුහුදු ගමනක් ගෙවා ඉතාලියට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට රැකවරණය සපයන කණ්ඩායම්වලට පවා ඉතාලි රජයේ ඉඩක් ලැබෙන්නේ නැත. මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්වන සංක්‍රමණික යාත්‍රාවල සිටිය අය බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර සහ සංවිධාන සිදුකරන ක්‍රියාකාරකම් සීමා කිරීමට ද ජෝජියා මෙලෝනිගේ රජය පියවර ගෙන තිබේ.නව නීත්‍යානුකූල සංක්‍රමණික සංඛ්‍යාව තීරණය කර තිබෙන්නේ මීට පෙර වසරවල නිකුත් කළ වීසා බලපත්‍ර සංඛ්‍යාවක් මෙන්ම ව්‍යාපාර සහ ඉතාලි වැසියන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය. ජනගහණය වයස් ගතවීම සහ උපත් අනුපාතය පහත වැටීම නිසා යුරෝපයේ තුන්වැනි විශාලතම ආර්ථිකය හිමි ඉතාලියට විදේශීය ශ්‍රමිකයන් අවශ්‍ය වේ. ජනගහණය පහත වැටීමේ දශකයක ප්‍රවණතාව තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පසුගිය 2024 වසරේදීත් ඉතාලියේ උපත් සංඛ්‍යාවට වඩා මරණ 2,81,000ක් පමණ වාර්තා වී තිබේ.ඒ අනුව ජනගහණයෙන් ශුද්ධ අඩුවීම 37,000ක් පමණ වේ. ඉතාලියේ ජනගහණය මේ වනවිට මිලියන 60කට ආසන්නය.නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සහ වර්තමාන ජනගහණය සැලකිල්ලට ගත්විට, වසර 2050 වනවිට අවම වශයෙන් විදේශ සංක්‍රමණිකයන් මිලියන 10ක් වත් ලබා ගැනීම අවශ්‍ය බව ඉතාලි පර්යේෂණ සංවිධානයක් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img