Thursday, November 12, 2026
HomeNEWSඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙති.

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙති.

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙති
 
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මහතා අතර සුහඳ හමුවක් (14) දින බොලොඤ්ඤා හි දී පැවැත්විණි.
 
ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිසක්
මෙලෙස අග්‍රාමාත්‍යතුමා නවාතැන්ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයේ දී සුහඳ
කතාබහකට එක් වූහ.
 
කොවිඩ්-19 වසංගතය තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ සංචාරය කරමින් එරට
වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙවැනි හමුවක් සඳහා ඉඩ ලබාදීම ගැන ශ්‍රී
ලාංකික නියෝජිත පිරිස පළමුව අග්‍රාමාත්‍යතුමාට සිය ස්තුතිය පුද කළහ.
 
අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලය තුළ ඉතාලිය සහ ශ්‍රී ලංකාව
අතර ඇතිකරගත් ද්වි පාර්ශවීය මිතුදම් හේතුවෙන් මේ දක්වා එරට සිටින ශ්‍රී
ලාංකික ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳව ද පැමිණ සිටි පිරිස සිහිපත් කළහ.
 
මිලාන් නගරයට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට එවකට
ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත්
දූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන්
රැසකගේ කාලය සහ මුදල් ඉතිරිවන බව මෙහි දී සඳහන් විය.
 
අනාගතයේ යම් දවසක නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට වසර විස්සක සේවා කාලයකින් පසුව
එරටින් ලබාදෙන විශ්‍රාම වැටුප මව්බිමට පැමිණි පසුවද ලබාගැනීමේ හැකියාවක්
උදාකර දෙන්නැයි පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියහ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමඟ සාකච්ඡා කරන්නැයි විදේශ
අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම උපදෙස්
දුන්නේය.
 
ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) ට එක්වීම සඳහා ඉතාලියේ
සංචාරයක නිරත අග්‍රාමාත්‍යතුමා ඉදිරි දින කිහිපයේ දී රාජතාන්ත්‍රික හමුවීම්
කිහිපයකට එක්වීමට නියමිතව ඇත.
මෙම හමුවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා
තානාපති සිසිර සෙනවිරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img