Sunday, November 8, 2026
HomeNEWSඉන්දියාවෙන් තවත් බිලියන දෙකක මූල්‍යාධාරයක් 

ඉන්දියාවෙන් තවත් බිලියන දෙකක මූල්‍යාධාරයක් 

ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළකර තිබේ.

ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග විවිධ සාකච්ඡා මේ වන විටත් පවත්වා ඇති බවය.

ණය ගෙවීම් පැහැර හැරීම් පිළිබඳව ශ්‍රී ලංකාව පසුගියදා ගනු ලැබු තීරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන නමුත්  තවදුරටත් ඔවුන්ට සහාය ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය රජය ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ණය මුදලක් ලබා දී ඇති අතර ඉන්ධන සඳහා ද අමතර ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී චීනයට වඩා පෙරමුණ ගැනීමට අපේක්ෂා කරන බව ද ඉන්දීය රජය ප්‍රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img