Thursday, September 10, 2026
HomeNEWSඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පොඩි ලැසී මෙරටට රැගෙන එයි

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පොඩි ලැසී මෙරටට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.2024 වසරේදී දෙසැම්බර් 09වෙනිදා ඇප ලබා ගැනීමෙන් අනතුරුව ඉන්දියාව වෙත මුහුදු මගින් පළා ගිය පොඩි ලැසී, 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.ඒ අනුව අද (27) අලුයම 05.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. මෙසේ රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img