Thursday, August 27, 2026
HomeNEWSඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?

ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?

මැදපෙරදිග ගැටුම් මෙතෙක් අවසන් වී නොමැති බැවින් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමමුවේදී අද (25) නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ගැටලුව මෙතෙක් අවසන් වී නොමැති බැවින් තවදුරටත් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවය.

කෙසේ වෙතත් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය යොදුවත් ඉන්ධන පරිභෝජනය අඩුව ඇත්තේ යම් සීමාවකින් පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජන ජීවිතය අඩාල නොවන පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවදුරටත් මෙම ක්‍රමවේදය භාවිත කරන බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“යුදමය තත්ත්වය තවම අවසන් වෙලා නෑ. ඔබ දන්නවානේ හෝමූස්වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තෙල් බැරල් මිල ඉහළ යනවා ටිකක් අඩු වෙනවා. තෙල් අර්බුදය තවම විසඳිලා නෑ. රටක් හැටියට දෛනික ජන ජීවිතය අඩාල නොවන ආකාරයට උපරිම වශයෙන් පවත්වාගෙන යාමට තමයි මේ තත්ත්වය උපයෝගී කරගෙන තිබෙන්නේ. මම කළිනුත් කිව්වා තෙල් මිල වැඩිවෙලාත්, QR කෝඩ් එක දාලාත් ඩීසල් අඩුවෙලා තියෙන්නේ 10%යි. පෙට්‍රල් අඩුවෙලා තියෙන්නේ 9%යි පරිභෝජනය. අත්‍යවශ්‍යමය කොටස්වලට ලබා දෙනවා. මම හිතන්නේ තව ටික කාලයක් තෙල් සංස්ථාව කියාවි අපිට මේ විදිහට යන්න සිදුවෙයි කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img