Thursday, November 12, 2026
HomeNEWSඉන්ධන පිරවුම්හළක සිදුවූ මංකොල්ලය - CCTV

ඉන්ධන පිරවුම්හළක සිදුවූ මංකොල්ලය – CCTV

අද (29) උදෑසන 6ට පමණ ඉන්ධන පිරිවුම්හළක මුදල් කොල්ලයක් සිදුවී තිබේ.

ඉන්ධන ලබාගැනීමේ මුවාවෙන් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එහි සේවකයෙකුට තියුණු ආයුධයක් පෙන්වා එලෙස මුදල් කොල්ලකා ඇත.

සිද්ධිය ඇතිවී තිබෙන්නේ මහරගම ඉන්ධන පිරවුම්හළකදීය.

රුපියල් 45,000ක  මුදලක් එලෙස සැකකරුවන් විසින් කොල්ලකා ඇති අතර තවත් සේවකයෙකු පැමිණීමත් සමග සැකකරුවන් යතුරුපැදිය දමා පළාගොස් තිබුණි.

මුදල් කොල්ලකෑමට පෙර සැකකරුවන් අවස්ථා 3කදී ඉන්ධන පිරවුම්හළ වෙත පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් කලබලයට පත්වූ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මුදල් පසුම්බියද යතුරුපැදියේ දමා පළාගොස් තිබේ.

යතුරුපැදිය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදිය අද අලුයම බොරලැස්ගමුව වැවපාර ප්‍රදේශයේ නිවසකින් සොරාගෙන ඇති බවය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලීසිය විමර්ශන සිදුකරයි.

සිද්ධිය ඉන්ධන පිරවුම්හළ තුළ ඇති CCTV කැමරාවල සටහන්වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img