Sunday, November 8, 2026
HomeNEWSඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි 85 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

පසුගිය 26 වනදා අදාළ සිද්ධිය වාර්තා වූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය, පෝරේ, ගල්පොත්ත පාරේ පදිංචි එම්. ජිනදාස පෙරේරා නමැති පුද්ගලයකි.

වෑන් රථයකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි අදාළ පුද්ගලයා ඉන්ධන පෝලිමේ තෙවෙනියට සිටියදී රෝගාතුරවී අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි. 

මියගිය පුද්ගලයා හෘද රෝගයකින් පෙළන්නෙකු බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය වන අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේහි කිසිදු තදබදයක්ද තිබී නොමැති බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img