Thursday, November 12, 2026
HomeNEWSඉබ්බාගමුවේ සිදුවූ පිපිරීමේ තවත් තොරතුරු හෙළිවෙයි

ඉබ්බාගමුවේ සිදුවූ පිපිරීමේ තවත් තොරතුරු හෙළිවෙයි

ඉබ්බාගමුව, පන්නල, ගමමැද පාරේ පිහිටි නිවසක ඊයේ (24) රාත්‍රී කාලයේ  සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.

ඊයේ රාත්‍රී 7.30 ට පමණ එම පිපිරීම සිදුව තිබූ අතර ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

මෙලෙස තුවාල ලැබුවේ වයස අවුරුදු 22 සහ 27 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනෙකි.

රතිඤ්ඤා තොගයක තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර, ඒවා යකඩ බටයකට පුරවා විදුලි ග්‍රයින්ඩරයක් මගින් බටය කැපීමට යෑමේදී මෙම පිපිරීම සිදුවී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

පිපිරීමෙන් තරුණයින් දෙදෙනාගේ දෑත් සහ ඇඟිලිවලට බරපතළ හානි සිදුවී ඇත. 

තුවාල ලැබූ තරුණයින් වෘත්තියෙන් ත්‍රීරෝද රථ අලුත්වැඩියා කරන්නන් වෙයි.

ඔවුන්ගේ වැඩපොළේ දී මෙම අත්හදාබැලීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

පිපිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එහි කැඳවා තිබුණි.

මෙම පිපිරීම යම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධදැයි අනාවරණය කරගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img