ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතයනියානු සහ හිටපු ආරක්ෂක ඇමැති ගැවන්ට් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේර.හේන් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මෙම නියෝගය මුළු ලෝකයටම විවෘත කර ඇත .ගාසා තීරයේ ජනතාව සමූල ඝාතනය කිරීමේ චෝදනා මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා යෝජනා වී ඇත .ඒ අනුව ඔවුන් ඊශ්‍රායලයෙන් පිටත රටකට යන ඕනෑම අවස්ථාවකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක්පවතින බවද විදෙස් ප්රවෘත්ති සේවා වාර්තාකරයි .මීට අමතරව හමාස් සංවිධානයේ නායකයා සහ අණ දෙන නිලධාරීවරයාටද හේක් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ ඔවුන් දෙදෙනා ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ වන විටත් ජාත්‍යන්තර මාධ්‍ය මේ ගැන දැඩි අවධානයක් යොමු කර ඇති අතර ඊශ්‍රායලයෙන් පිටතට යාමට ඊශ්‍රායල් අගමැතිවරයාට සහ හිටපු ආරක්ෂක ඇමතිවරයාට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තාවේ.






















