Sunday, October 25, 2026
HomeNEWSඋඩරට මා‍ර්ගයේ දුම්රිය ධාවනයට පෙර NBRO අවසර ලබාගෙන නැතැයි චෝදනාවක්

උඩරට මා‍ර්ගයේ දුම්රිය ධාවනයට පෙර NBRO අවසර ලබාගෙන නැතැයි චෝදනාවක්

ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවසරයකින් තොරව උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කර ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර සිටී.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා මාර්ග කොටසේ ධාවන කටයුතු පසුගිය 2 වැනිදා නැවත ආරම්භ කෙරුණි.

කෙසේ වෙතත්, ධාවන කටයුතු නැවත ආරම්භ කර දින දෙකක් ඇතුළත, අද (05) අලුයම 4.35ට පමණ පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ගමන් ඇරඹූ පළමු කාර්යාල දුම්රියම පීලිපැනීමකට ලක්විය.

ඉහළ කෝට්ටේ, කඩිගමුව සහ ගංගොඩ අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් සහ ගල් පතිත වී තිබීම නිසා මෙම පීලිපැනීම සිදු වී ඇත.

පස් සහ ගල් රියදුරුට නිසි ලෙස දර්ශනය නොවීම හේතුවෙන් දුම්රිය එන්ජිම සහ එක් මැදිරියක් පීලිපැනීමට ලක්ව තිබේ.

අනතුරෙන් පසු දුම්රියේ සිටි සියලුම මගීන් අතුරු මාර්ග ඔස්සේ කඩිගමුව බස් මාර්ගයට පැමිණ එහි සිට බස්රථවලින් රඹුක්කනට පැමිණ තිබුණි.

එමෙන්ම එම මගීන් සඳහා රඹුක්කන සිට කොළඹ දක්වා ගමන් කිරීමට අතිරේක දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img