Thursday, November 5, 2026
HomeNEWSඋත්සව සමයේ භාණ්ඩ මිලේ වෙනසක්

උත්සව සමයේ භාණ්ඩ මිලේ වෙනසක්

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ මොහොතේ ආනයනකරුවන්ට අවාසියක් සිදුවුව ද එහි වාසිය මහජනතාවට ලබාදෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවය.

“මේ අවස්ථාවේ ආනයනයකරුවන් ට පාඩු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට එහෙම තමා. ඒ නිසා ආනයනකරුවන් ඉදිරියට එන්න තියෙන භාණ්ඩ සඳහා මිල අඩුකරලා ඒ සහනය ලබාදෙනවා. මිල වැඩිවෙද්දි මේ තත්ත්වය වගේම මිල අඩුවෙද්දිත් මේ තත්ත්වයට මුහුණදෙන්න වෙනවා. නමුත් මේකෙ වාසිය අපි කියන්නේ, පාරිභෝගිකයාට දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේක ඍජුවම ආනයනය කරන්න නොදී අපිට වැඩි වාසියක් පාරිභෝගිකයාට ලබාදෙන විදියට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවෙනවා. පහුගිය සුමානය දිහා බැලුවහම සීනි කිලෝවක් රු 25 – 30කින් වගේ අඩුවුණා. පරිප්පු අඩුවුණා. අල ළූණු මිල පහළට ගියා. ඒ නිසා අපි හිතන්නේ උත්සව සමයේ මිල මේ සති කිහිපය තුළ අඩුවෙලා පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුවට ලබාගන්න පුළුවන් වෙයි.”

මේ අතර රුපියල ශක්තිමක් වී ඇති බව පෙන්වීම කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඇතැම් ජනතා නියෝජිතයන් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයකින් ක්‍රියා නොකරන බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

යුරෝපා ගුවන් ගමන් 08ක් බෝම්බ තර්ජනවලට ලක්ව හදිසියේ ගොඩ බායි

කෝපන්හේගන්, මැඩ්රිඩ්, මිලාන් ඇතුළු ස්ථානවලින් පිටත් වූ යුරෝපා ගුවන් ගමන් 08 ක් අද (05) බෝම්බ තර්ජනවලට ලක්ව ඇති අතර, හදිසි ගොඩබෑම් කළත් මෙතෙක් අනතුරුදායක...

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියට සමුදීමට යයි

නොවැම්බර් 17 න් අවසන් වන තරග විරාමයෙන් පසු, ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව, පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිවේදනය කරයි.

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img